2027 වසර සඳහා රජයේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් ට්‍රිලියන 2ක මුදලක් වෙන් කිරීමට අයවැයෙන් යෝජනා කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමෙන් ඉදිරියට ගොස් ආර්ථික ව්‍යාප්තිය සහ පරිවර්තනීය සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් වේ.

රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, මාර්ග, දුම්රිය, ග්‍රාමීය සම්බන්ධතා, ප්‍රවාහන ජාල සහ සැපයුම් සේවා සංවර්ධනය කෙරෙහි මෙම අයවැය යටතේ විශේෂ අවධානය යොමු කර තිබේ.