නිල්වලා ගංගා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ගංගා නිම්නයේ පහත්බිම් රැසකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවත්වාගෙන යනු ලබන ගංගා ජල මාපකවල දත්ත සහ වර්තමාන වර්ෂාපතන තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
ඒ අනුව ‘ඇම්බර්’ (Amber) වර්ණයෙන් යුතු පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් නිකුත් කර තිබේ.
නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට මෙම ගංවතුර අවදානම එල්ල වී ඇති බව වාර්තා වේ.
පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් ඇතුළු මාර්ග පරිශීලකයන්ට දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව තරයේ ඉල්ලා සිටියි.
