අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. නුවර මධ්‍යම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු වෙඩි වැදී තුවාල ලබා ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
ලෝගන් සර්කල් (Logan Circle) ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයක් තුළ සහ ඒ ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් වේ.
වෙඩි තැබීම සිදු වූ ගොඩනැගිල්ල තුළට ගොස් සැකකරු සැඟවී සිටින බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට එම ප්‍රදේශයේ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වේ.
සිද්ධියෙන් පසු ආරක්ෂක පියවරක් ලෙස අවට වීදි කිහිපයක් වසා දමා ඇති අතර, විශාල හදිසි සේවා රථ සංඛ්‍යාවක් එම ස්ථානයට කැඳවා තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් පස්දෙනාගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර, මේ දක්වා කිසිදු මරණයක් තහවුරු කර නොමැති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
