2027 අයවැය යෝජනාවක් අනුව උසස් පෙළ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 18 ඉක්මවූ සිසුන්ට රුපියල් 10,000ක උපරිමයකට යටත්ව කොටස් ආයෝජන කළඹක් ලබාදීමට යෝජනා කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.
කොටස් වෙළෙඳපොළ පිළිබඳ තරුණ පරපුරේ අවබෝධය සහ සහභාගීත්වය ඉහළ නැංවීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වී තිබේ.
‘සියල්ලන්ටම කොටසක්’ (A Share for Everyone) නමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසටහන ‘දැනගනිමු, ඉගෙනගනිමු, ආයෝජනය කරමු’ යන දැක්ම යටතේ හඳුන්වා දී ඇත.
මීට අමතරව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම දිරිගැන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් ද මෙම අයවැය යෝජනා අතර වන බව සඳහන් වේ.



