”කොහේහරි තැනකින් කාරණයක් මතු කළහම එහි තිබෙන නිවැරදිභාවය සලකන්නේ නැතුව ගිරවුන් සේ ඒක කියාගෙන යන එක තමයි ඔවුන්ගේ කාර්යය බවට පත් වෙලා තියෙන්නේ.”

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරය සංවිධානය කළ “අනාගතය ඔබයි – ඉගෙන ගන්න හෙට දිනන්න” මාතලේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය ඊයේ (12) දින පැවැත්විණි.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ප්‍රකාශ කරන ලද්දේ මොඩියුලයන්හී ඇතුළත් වී ඇති දෑ පිළිබඳව අවබෝධයක් ඇත්දැයි විමසුවද පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් ඒ සඳහා නිරුත්තර වගයි.

ඒ අනුව සැබෑ විපක්ෂයේ කාර්යභාරය කරනවා නම් ඔවුන් මෙහිදී කළ යුතු වන්නේ දීර්ඝ කාලයකට පසුව කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අඩුපාඩු තිබිය හැකි බැවින් සාධනීයව එම අඩුපාඩුකම් පෙන්වා දී අධ්‍යාපනය නව තත්ත්වයකට පරිවර්තනය කිරීම බවද එතුමා වැඩිදුරටත් සදහන් කරන ලදී.

සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>