යුද්ධය නිසා ඉන්දියාවට ගිය පවුල් 6,580ක් සහ පුද්ගලයින් 18,542ක් අතරින් බොහෝ දෙනා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (20) දින පාර්ලිමේන්තු සැසි වාරයේදීය.

ජනතාවට ඉඩම්, නිවාස සහ පාරම්පරික අයිතිවාසිකම් ලබා දීම සඳහා රජය මහන්සි වී ඇති බවත්, පෙබරවාරි මාසය වන විට තවත් පවුල් 46ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඉන්දියාවේ සිටි ජනතාවට පුරවැසිභාවය ලබා දීමේ ඉල්ලීම් දැන් මතු වී ඇති අතර, අවුරුදු 30කට වැඩි කාලයක් රටින් පිටව සිටි අය සඳහා නීතිමය විසඳුමක් ලබා දිය යුතු බවත් එතුමා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට පැමිණීමට කැමති ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු රජය භාරගැනීමට සූදානම් බවත්, ඒ සඳහා නීතිමය හා මානුෂීය පදනම මත කටයුතු කරන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>