දිවුලපිටිය, වෑවගෙදර ප්රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක අද හටගත් හදිසි ගින්නකින් එම කම්හල විනාශයට පත්ව ඇති බව දිවුලපිටිය පොලිසිය පවසයි.
හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතරක් එම ස්ථානයට කැඳවා තිබූ අතර, ඊට අමතරව දිවුලපිටිය ප්රාදේශීය සභාවට අයත් ජල බවුසර ද මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යොදවා තිබිණි. ගිනි නිවන භටයින් දැඩි පරිශ්රමයක් යොදමින් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.
මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, සිදුවූ දේපළ හානියේ වටිනාකම ද මෙතෙක් නිශ්චිතව ගණන් බලා නොමැත.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය සහ ගිනි නිවීමේ ඒකකය එක්ව වැඩිදුර විමර්ශන පවත්වයි.





