අනුරාධපුර රුවන්වැලි සෑය පරිශ්‍රයේදී රාජාංගණයේ සද්දාරතන හිමිට පහරදීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් පස්නමට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ මෝසම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා විසින් මෝසමක් මඟින් නඩුව යළි අධිකරණය හමුවේ කැඳවා සැකකරුවන්ට ඇප ලබාගැනීම පිණිස කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියද, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි, කහටගස්දිගිලියේ විජිත හිමි, බලංගොඩ අනුරුද්ධ හිමි, පිළිමතලාවේ රේවත හිමි සහ දෙණියායේ සෝරත හිමි යන හිමිවරුන් මෙන්ම කාන්තාවක් ඇතුළු ගිහියන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙති. රුවන්වැලි සෑය දන්සල් පරිශ්‍රයේ සංවිධානය කර තිබූ සත්යග්රහ භූමියකට රාජාංගණයේ සද්දාරතන හිමි ඇතුළු පිරිසක් පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වයකදී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගත් හිමිවරුන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, මහේස්ත්‍රාත්වරයා එහි ගොස් සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුව සැකකරුවන් එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීට පෙර නියෝග කර තිබිණි.





