ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්ධන මිල පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළා. ඔහු පැවසූයේ, රටේ ඉන්ධන මිල ගණනය වන්නේ සරල සූත්‍රයක් අනුව බවයි.
ජනාධිපතිවරයා අවධාරණය කළේ, 2022–23 කාලයේදී රටේ බලශක්ති අර්බුදය මතු වුණේ ලෝක වෙළඳ පොළේ මිල නොව, ඩොලර් අගය 185 සිට 370 දක්වා ඉහළ ගිය නිසා බවයි.
ඒ සමයේ පෙට්‍රල්, ඩීසල් සහ අනෙකුත් ඉන්ධන මිල ගණනාවක් රුපියල් සිය ගණනින් ඉහළ ගොස් තිබුණා. ඔහු සඳහන් කළේ, බදු සහ වංචා – දූෂණයද මිල ගණනයට අමතර බලපෑම් බවයි.
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩිවීම ලෝකය තුළ ඇති සාමාන්‍ය ප්‍රවණතාවයට සමාන බවත්, සමහර රටවල්වලට වඩා අඩු බවත් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





