ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්. – 05.06.2026

2026 ජගත් පරිසර දින ජාතික උත්සවය අද (05) අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.“දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු” යන්න මෙවර සැමරුමේ තේමාව විය. මෙම අවස්ථාවට සමගාමීව, මැයි 30 සිට ජූනි 05 දක්වා දිවයින පුරා “Clean Sri Lanka” වැඩසටහන යටතේ විවිධ පාරිසරික වැඩසටහන් සංවිධානය කර තිබුණි.රාජ්‍ය, පෞද්ගලික...