ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් අද (30) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී, ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡා කළහ.
මෙහිදී පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය සහ උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටීම IMF නියෝජිතයින්ගේ ඇගයීමට ලක් වූ අතර, ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා හමුවේද ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබාදීමට සූදානම් බව ඔවුන් අවධාරණය කරන ලදී
එසේම ශ්‍රී ලංකාවට IMF වෙතින් ලබාදුන් අඛණ්ඩ සහයෝගයට ස්තුතිය පළ කරමින්, බලශක්ති, වරාය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම මෙන්ම බාහිර ආර්ථික කම්පනවලට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් ගොඩනැගීමේ වැදගත්කම අගමැතිනිය විසින් පෙන්වා දෙන ලදී.
වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳවද දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ අතර, කාර්යක්ෂම රාජ්‍ය සේවා සැපයීම සඳහා මානව සම්පත් ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවද ඇය මෙහිදී අවධාරණය කළාය.





