පොකුණුවිට ප්‍රදේශයේ ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත නව උප තැපැල් කාර්යාලය ජනතා අයිතියට පත් කර තිබේ.
දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල පද්ධතිය ඩිජිටල්කරණය කරමින් සහ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
මීට සමගාමීව දිවයිනේ තවත් තැපැල් කාර්යාල රැසක් නවීකරණය කිරීමටත්, නවීන තාක්ෂණය මුසු කරමින් මහජන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් විය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





