යාපනය ඇතුළු උතුරු පළාතේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු වඩාත් පහසු කරමින් ඔවුන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා අවම කිරීම සඳහා ජනාධිපති අරමුදල හරහා විශේෂ මූල්‍ය ශිෂ්‍යත්ව සහ ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ආර්ථික අපහසුතා මධ්‍යයේ උසස් අධ්‍යාපනය හදාරන දක්ෂ සිසුන් හඳුනාගෙන, ඔවුන්ගේ අධ්‍යයන වියදම්, නේවාසිකාගාර පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන සෘජුවම ලබාදීමට පියවර ගෙන ඇත.

දිවයිනේ සියලුම පළාත්වල සිසුන්ට සමාන අධ්‍යාපන අවස්ථා තහවුරු කිරීම සහ උතුරු පළාතේ තරුණ පරපුරේ අධ්‍යාපනික අනාගතය සුරක්ෂිත කරමින් ඔවුන් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව වැඩිදුරටත් සඳහන් වේ.