ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතා ප්‍රකාශ කර තිබේ.
මෙරට තරුණ පරපුර නිෂ්පාදන ආර්ථිකය සහ වෘත්තීය ක්ෂේත්රයන් වෙත යොමු කිරීමේ අරමුණින් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, පාසල් අධ්‍යාපනයෙන් පසු තරුණයින් සෘජුවම ත්‍රිරෝද රථ ධාවනයට යොමුවීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණක් බවත් මෙහිදී පෙන්වා දෙන ලදී.
රටේ ශ්‍රම බලකාය නිසි ලෙස කළමනාකරණය කරමින් කාර්මික, කෘෂිකාර්මික හා තාක්ෂණික ක්ෂේත්රයන්හි ඵලදායී නිෂ්පාදන කාර්යයන් සඳහා තරුණ ප්‍රජාව දායක කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම රජයේ අපේක්ෂාව බව වැඩිදුරටත් සඳහන් විය.





