මොරවක්කෝරළේ විවිධ සේවා සමූපකාර සමිතියේ වත්මන් පාලනාධිකාරිය යටතේ ඉදිකෙරෙන නව පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ නිල උත්සවය අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
මෙහිදී වසර 39ක දීර්ඝ කාලයක් පුරා ස්ථීර පත්වීම් ලිපි නොමැතිව සේවය කළ සේවක පිරිසක් සඳහා නිල පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
සමූපකාර ව්‍යාපාරය කාර්යක්ෂම කරමින් ජනතා සේවය පුළුල් කිරීම මෙන්ම, වසර ගණනාවක් නොවිසඳී පැවති සේවක ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙමින් සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව මෙහිදී අවධාරණය විය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





