බදුකරණය පිළිබඳ මහජනතාව තුළ පවතින සෘණාත්මක ආකල්පය වෙනස් කර, ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ ගොඩනැගීමේ අරමුණින් “ජාතික බදු ශක්ති” නමින් ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, 2026 ජූලි 6 සිට ජූලි 10 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව රජයේ මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය.
මෙම වැඩසටහන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරයි.
නිලධාරීන් සඳහන් කළේ බදු ගෙවීම දණ්ඩනයක් ලෙස නොව, රටේ සංවර්ධනයට ජනතාවගේ දායකත්වයක් ලෙස සලකා බැලීමේ ආකල්පයක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
බදු සතියට සමගාමීව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර, එම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ වසර පුරාම අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද එහිදී සඳහන් කෙරිණි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>

