අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අ.වි.ශි.බ) මල්වානේ පිහිටි නිවසෙන් ඉවත්වීමට එකඟතාව පළ කර තිබේ.
අද (18) පෙරවරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට භාර දීමට රජය තීරණය කර ඇති බව අ.වි.ශි.බ කැඳවුම්කරු සසිඳු පෙරේරා මාධ්‍ය වෙත පැවසීය.
විශ්වවිද්‍යාලවල පවතින ඉඩකඩ හිඟය සලකා, නව පීඨ සංකීර්ණ සහ නේවාසිකාගාර පහසුකම් සකස් කිරීම සඳහා හිමිකරුවන් නොමැති රාජසන්තක දේපළ යොදා ගැනීමට රජය ඉල්ලා සිටිමින්, සිසුන් පිරිසක් මල්වානේ නිවසට ඇතුළු වී විරෝධතාවක් ආරම්භ කරන ලද්දේ පසුගිය 14 වැනිදාය.





