“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින්, බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස “මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ ලුණුගල ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම ඊයේ (26) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක “ආපදා නිවාස වැඩසටහන” යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රදේශයේ හොප්ටන් වතුයායේ නායයෑමේ තර්ජනයට ලක්ව සිටින පවුල් 05 ක් වෙනුවෙන් මෙම නව නිවාස ඉදි කෙරේ.
මෙම නිවාස ඒකක 05 ඉදි කිරීම සඳහා රජය රුපියල් මිලියන 16 ක මුදලක් වැය කිරීමට නියමිත අතර දිර්ඝ කාලයක සිට නායයෑමේ අවදානම හේතුවෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට ස්ථිර, සුරක්ෂිත සහ ගෞරවනීය නිවාස හිමිකර දීම මෙහි අරමුණයි.
වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ඔවුන්ට බලපාන ස්වභාවික ආපදා අවදානම් අවම කිරීම රජයේ මූලික ප්‍රතිපත්තියක් වන අතර, මෙම ව්‍යාපෘතිය එම ඉලක්කය සපුරා ගැනීම සඳහා තැබූ තීරණාත්මක පියවරක් ලෙස සැලකිය හැක.
තවද, දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් ලුණුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අර්ධ නිවාස හානි සඳහා නිවාස අලුත්වැඩියා කිරිම සඳහා රජයෙන් ලබා දෙන වන්දි චෙක්පත් ප්‍රතිලාභින් 10 දෙනෙකුට ප්‍රදානය කිරිමද මෙම අවස්ථාවේ සිදු කරන ලදි.





