“අපේ අරමුණ එකයි. ජනතාවට තිබුනට වඩා හොඳ ජීවිතයක් ලබාදීම. අපේ අධිෂ්ඨානයෙන් මේ රට නැවත ගොඩනගනවා”
මෙසේ සඳහන් කරමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරන ලද්දේ දිට්වා සුළි කුණාටුවෙන් පසු රජයේ මූලික අරමුණ වූයේ ජන ජීවිතය පෙර තිබූ තත්ත්වයට වඩා හොඳින් ගොඩනගා ගැනීම බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (25) දින නුවරඑළිය දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් මහාමාර්ග හා යටිතල පහසුකම් නැවත තිරසාරව සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන) නිල වශයෙන් ආරම්භ වූ අවස්ථාවේදීය.
එසේම නිවෙස් අහිමි වූ ජනතාවට නැවත නිවාස ලබාදීමේ අරමුණින් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදල් වෙන්කර ඇති බවත්, මේ වන විට රටේ ඉතිහාසයේ මෑත භාගයේ සිදු වූ විශාලතම ස්වභාවික හා ආර්ථික විනාශය ජාතික නිෂ්පාදනයට දැවැන්ත බලපෑමක් ඇති කළ බවත් ඔහු අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





