ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනී මිහීලා ඇන්ජෙලා ( Mihaela Angela ) මහත්මිය සහ අමාත්‍ය උපාලි පන්නිලගේ අතර හමුවක් ඊයේ (09) දින බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

දෙරට අතර දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගැනීමත්, දෙරටට වැදගත්වන අධ්‍යාපන, විදේශ රැකියා වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව සාකච්ඡා කිරීමත් එහි අරමුණ විය.

මෙම අවස්තාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත පතිරණ මහතා ඇතුළු රුමේනියානු තානාපති කාර්යාලයේ නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.