සිසිර පියසිරි

අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේම විධායක නිලධාරීන්ට බලපාලා තියෙන වැටුප් විෂමතාවය, ආර්ථික අපහසුතාවය මේ වැටුපෙන් ජීවත් වෙන්න බැරිවෙන තත්වයත් එක්ක අපේ විධායක නිලධාරීන් ඉතාමත්ම මන්දෝත්සාහයට පත්වෙලා ඉන්නවා.

විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට වෙනත් ආදායම් උපයා ගැනීමේ හෝ වෙනත් ආර්ථික තත්වයන් හදා ගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන් දැඩි ලෙසම තමන්ගේ සේවා කාලය තුළ සම්පූර්ණ තමන්ගේ ජීවිතය යොදවලා තියෙන්නේ රාජ්‍ය සේවය වෙනුවෙන්.

ඒ නිසා අපි අකමැත්තෙන් උනත් තීරණය කරලා තියෙනවා දින දෙකක වැඩ වර්ජනයකට යන්න. ඒක තුල ඇත්තටම අපි දන්නවා ක්ෂේත්‍ර ගණනාවක් අඩපණ වෙන්න පුළුවන්. එහි වගකීම මේ රජය භාරගත යුතුයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>