පාස්කු ප්‍රහාරයට අනුබල දුන් සහ සහය දැක්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ආරම්භ වූ විමර්ශන ඔස්සේ කොටුව ප්‍රදේශයේ අධිකරණයක් හමුවේ නව නඩු කටයුත්තක් ආරම්භ වී ඇති බව සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කරන ලදී.
එම විමර්ශන අතරතුර පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු හිටපු උසස් රාජ්‍ය නිලධාරියෙකු බවද පියතුමා සඳහන් කළේය.
එතුමන් පෙන්වා දෙනු ලබනුයේ එම අත්අඩංගුවට ගැනීමත් සමඟ විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධතා සහ ප්‍රකාශ මතුවීම පිළිබඳව තමන්ට ගැටලුවක් පවතින බවයි.
විමර්ශන වෙනත් මානයකට ගෙන යමින් ආගමික ගැටුමක් හෝ රණවිරුවන් දඩයම් කිරීමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කිරීම, විමර්ශනවලට බාධාවක් විය හැකි බවද එතුමන් අවධාරණය කරන ලදී.
සැකකරුවන් නිර්දෝෂී නම්, නීතිමය ක්‍රියාවලිය තුළින් තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඔවුන්ට අවස්ථාව ඇති බව සඳහන් කළ පියතුමා, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා විමර්ශන අවසානය දක්වා ස්වාධීනව සිදු කිරීමට සියලු පාර්ශ්ව සහාය ලබාදිය යුතු බවද පැවසීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





