බන්ධනාගාර කිහිපයකින් මෑතකදී වාර්තා වූ නොසන්සුන්කාරී හා ගැටුම්කාරී තත්ත්වයන් එක දිගට මතුවන රැල්ලක් බවට පත්ව ඇති බව සිවිල් ක්‍රියාකාරී විදර්ශන කන්නංගර මහතා ප්‍රකාශ කරන ලදී.
ඔහු පෙන්වා දෙනු ලැබුයේ මෙම තත්ත්වය ඉදිරියේදී කුමන දිශාවකට ගමන් කරන්නේද යන්න පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවය.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට එරෙහි ප්රතිවිරෝධයක් ලෙස මෙම තත්ත්වය හඳුනාගත හැකි බවද ඔහු සඳහන් කළේය.
එසේම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ රැඳවියන්ට මත්ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් ඇතිවන මානසික හා ශාරීරික ආතතියද මෙම නොසන්සුන්තාවට බලපාන සාධකයක් බව ඔහු පෙන්වා දෙන ලදී.
කෙසේ වෙතත්, බන්ධනාගාර තුළ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කණ්ඩායම්වල නායකයන් මෙම ගැටුම් සහ කැරලි ඇති කිරීම පිටුපස සිටින බවට පැහැදිලි කරුණු පෙනී යන බවද විදර්ශන කන්නංගර අවධාරණය කළේය.
ඔහු සඳහන් කරන ලද්දේ බන්ධනාගාරවල මතුව ඇති තත්ත්වය එක් හේතුවක් මත පමණක් නොව, කරුණු රැසක එකතුවක් ලෙස අවබෝධ කරගත යුතු බවය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>

