ජාතික සතොස මගින් රටේ ජනතාවටත් සමුපකාර ව්‍යාපාරයටත් තොග භාණ්ඩ ලබාදීම සඳහා නව මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ ක‍රන ලදී

කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කවල තොග මධ්‍යස්ථාන ඉදිකිරීම දැනට ආරම්භ වී ඇති අතර, රටපුරා තවත් තුනක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සමුපකාර තොග සංස්ථාව වසා දැමීමෙන් ජනතාවට අත්විඳින්නට සිදු වූ අපහසුතාවයට, ජාතික සතොස නමින් නව ආයතනයක් ලෙස ජනතාවට සහ සමුපකාර ව්‍යාපාරයට පහසුකම් ලබාදීමට කටයුතු කරන බවද එතුමා ප්‍රකාශ කරන ලදී.

එසේම සමුපකාර ව්‍යාපාරයටත් සිල්ලර කඩ හිමියන්ටත් අවශ්‍ය භාණ්ඩ තොග මිලට ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ආයතනයක් ලෙස ජාතික සතොස තොග මධ්‍යස්ථාන ඉදිකිරීම රටේ වෙළඳ මිල පාලනයටත් ජනතාවගේ ජීවිතය පහසු කිරීමටත් වැදගත් පියවරක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>