ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කරන ලද්දේ, දිළිඳුකම තුරන් කිරීම සඳහා රටේ ජනතාව එක්විය යුතු ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය බවයි.

මෙහිදී එතුමා අවධාරණය කරන ලද්දේ දිළිඳු ජනගහනයෙන් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බැවින්, ග්‍රාමීය දිළිඳු බව අඩු කිරීමේ අරමුණ සාර්ථක නොවන්නේ නම් රටෙහි සංවර්ධනයද සාර්ථක නොවන බවයි

අස්වැසුම, සමෘද්ධි ආදි වැඩසටහන් ඇති විට ප්‍රජා ශක්ති ලෙස නව ජාතික වැඩසටහනක් නිර්මාණය කරන ලද්දේ ඒ වෙනුවෙන් බව එතුමා සඳහන් කරන ලදී.

එසේම රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නායකයන්, ගම් ප්‍රජාව, උගතුන්, ව්‍යාපාරිකයින් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් එක්වී, දසක ගණනාවක් තිස්සේ දිළිඳුකමට මුහුණ දී ඇති ජනතාවට උදව් කිරීමට එකමුතුවෙන් කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>