ජනාධිපති අනුර කුමාර දිසානායක.
ගුවන් හමුදාව සිදු කරන, සමුදුර ආවේක්ෂණ රාජකාරී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම් සඳහා විශාල සහායක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
අප මාතෘ භූමියෙ ගුවනේ ආරක්ෂාව රඳා පවතින්නේ, ගුවන් හමුදාව මත බව සහ එමෙන්ම අපගේ මුහුදු තීරයේ ආරක්‍ෂක ආවේක්ෂණ කටයුතු ද ගුවන් හමුදාවට පැවරී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කරා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක තුන සමුද්‍රීය බල ඝණයට ජනාධිපති වර්ණ පිළිගැන්වීම, කැඩෙට් නිලධාරීන් හා නිලධාරීනියන් 66 දෙනෙකු අධිකාරියට පත් කිරීම හා පියාසර නිල ලාංඡන පැළඳවීම අද (18) පෙරවරුවේ ත‍්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වෙමින් මේ බව පවසා සිටියා.





