ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතීඥ ගුණරත්න වන්නිනායක අද (18) ගල්කිස්ස පොලිසිය වෙත පැමිණ තිඛෙනවා.

පසුගිය 10 වැනිදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට නීතීඥ ගුණරත්න වන්නිනායකට චෝදනා එල්ල වූ අතර, පසුව ඔහු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් වී තිබුණා.

එහිදී රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නීතීඥවරයා මුදා හැර තිබුණු අතර, ගල්කිස්ස පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද දන්වා තිබුණා.

ඒ අනුව, නීතීඥ වන්නිනායක විසින් අද දිනයේදී ගල්කිස්ස පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇති අතර, එම ප්‍රකාශය ලබාදීමෙන් පසු ඔහු පොලිසියෙන් පිටව ගොස් ඇත.