රට තුළ සමාජ පරිවර්තනයක් සිදුකිරීමට උත්සාහ කිරීමේදී පැවති ක්‍රමයෙන් වරප්‍රසාද සහ අයිතිවාසිකම් භුක්ති විඳි කණ්ඩායම් ඊට විරෝධය පළකරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකශ කරන ලදී.
අකුරැස්ස ප්‍රදේශයේ පැවති “අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි” ජන රැළිය අමතමින් ඔහු සඳහන් කළේ පැරණි සමාජ ක්‍රමයේ වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව තම ආණ්ඩුවට බලය ලබාදී ඇති බවය.
එම වෙනසට විරෝධය පළකරන පිරිස් අතර, මීට පෙර එකිනෙකාට පරස්පර දේශපාලන අදහස් දැරූ කණ්ඩායම්ද එකට එක්ව සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
“සිංහයා” සහ “කොටියා” ලෙස තමන්ව හඳුන්වාගත් පුද්ගලයන් එකම වේදිකාවකට පැමිණීම පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.
රට පාවාදුන් බවට චෝදනා එල්ල වූ පිරිස් සහ රට ආරක්ෂා කළ බව පවසන පිරිස් එකම වේදිකාවක එක්වීම සහ මෙවැනි එකතුවීම් පිළිබඳව ජනතාව අවබෝධයෙන් තේරුම් ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





