වත්මන් ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් සම්පූර්ණ වන අතර, ආණ්ඩුව සතු බලය රඳා පවතින්නේ විධායක ජනාධිපති ධුරය හෝ පාර්ලිමේන්තු බලය මත පමණක් නොව ජනතාව තුළ පවතින සහයෝගය මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති “අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි” ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

ඔහු ප්‍රකාශ කරන ලද්දේ, වත්මන් ආණ්ඩුවට විධායක ජනාධිපති බලය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් මෙන්ම පළාත් පාලන ආයතන රැසක බලයද හිමිව ඇති නමුත් එවැනි බලයක් පමණක් ආණ්ඩුවක් තිරසාරව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බවය.

පසුගිය ආණ්ඩු සම්බන්ධයෙන් උදාහරණ දක්වමින් විධායක සහ පාර්ලිමේන්තු බලය පැවතියද ජනතා සහයෝගය අහිමි වූ විට එම ආණ්ඩු අර්බුදයට පත්වූ බවත්,
වත්මන් ආණ්ඩුව පිහිටුවීමේ අරමුණ පැවති ක්‍රමය එලෙසම ඉදිරියට ගෙන යාම නොව, රට තුළ සමාජ පරිවර්තනයක් සහ වෙනසක් ඇති කිරීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>