වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගතවූ වසර දෙකක කාලය තුළ ජනතාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කරන ලදී.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති “අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි” ජන රැළිය අමතමින් ඇය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නතර කිරීම ඇතුළු වරප්‍රසාද සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකර ඇති බවය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අදියර තුනකින් වැඩි කර ඇති බවත්, මහපොළ ශිෂ්‍යත්වය ඇතුළු විවිධ දීමනා සහ සහනාධාර ඉහළ නංවා ඇති බවත් ඇය ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජගත වන දරුවන් වෙනුවෙන් මාසිකව මුදලක් ඉතිරි කිරීම සහ ඔවුන් සමාජගත වීමෙන් පසු නිවාස ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවද ඇය සඳහන් කළාය.

සාවිත්‍රි පෝල්රාජ් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ, තම ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් බැවින් සිදුකළ කාර්යයන් පිළිබඳව ජනතාව ඉදිරියට පැමිණ පැහැදිලි කිරීම වගකීමක් බවත්, අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරීමට සූදානම් බවත්ය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>