පසුගිය කාලයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබුවේ විශාල වශයෙන් විදේශ ණය ලබාගනිමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ එවැනි සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් රට විශාල ණය බරකට පත්වූ අතර, එහි ප්‍රතිවිපාක 2022 වසරේදී ජනතාවට අත්විඳීමට සිදුවූ බවය.

එමෙන්ම, වත්මන් අධිවේගී මාර්ග ව්‍යාපෘති කිහිපයක් විදේශ ණය ලබාගැනීමකින් තොරව දේශීය සමාගම් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

අධිවේගී මාර්ග ව්‍යාපෘති තුනක කටයුතු සඳහා දේශීය සමාගම් හතක් කොන්ත්‍රාත් පදනමින් සම්බන්ධ වී සිටින බවත්, එම ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබාගෙන නොමැති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පෙර පැවති අධිවේගී මාර්ග ඉදිකිරීම් සහ වත්මන් ඉදිකිරීම් අතර වෙනස අවධාරණය කළ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පසුව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බවය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>