අද (21) උදෑසන 6.00ට පමණ අධිවේගී මාර්ගයේ සිදුවූ බරපතළ රිය අනතුරකින් වාහන 11කට හානි සිදුවී පුද්ගලයින් 13 දෙනෙකු රෝහල්ගත කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා සඳහන් කරන ලදී.
ඒ අනුව අනතුරට බස් රථ දෙකක්, කැබ් රථයක් සහ මෝටර් රථ ඇතුළු වාහන කිහිපයක් සම්බන්ධ වී ඇත.
වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බැවින් අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ධාවනය නොකර, රියදුරාට පාලනය කරගත හැකි වේගයකින් රථ ධාවනය කරන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියේය.
ඔහු පැවසුවේ රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය සහ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බවට දැනට අනාවරණය වී ඇති බවය.
එමෙන්ම, අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය ඊයේ (20) සිට දැඩිව ක්‍රියාත්මක කර ඇති බවත්, අනතුරට ලක්වූ බස් රථයේ සිටි පිරිස ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් බරපතළ තුවාල සිදුවීම වළක්වා ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





