ආබාධ සහිත දරුවන්ගේ ආර්ථික හා සමාජීය ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සේවා සහ රැකියා අවස්ථා පුළුල් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන ලද්දේ දෙමව්පියන් නොමැති අනාගතයකදී තම දරුවන්ට සිදුවන්නේ කුමක්ද යන පානය, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දෙමව්පියන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් බවය.

අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව ඔස්සේ එම දරුවන් රැකියා සඳහා යොමු කිරීමේදී පුහුණුවට අමතරව රැකියාගත කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවත් ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා කෝටාවක් වෙන් කිරීම සම්බන්ධයෙන් සේවායෝජකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඇය සඳහන් කරන ලදී.

මෙවර පැවැත්වීමට නියමිත “Skills Expo” ප්‍රදර්ශනයේදීද ඔවුන්ගේ රැකියා අවස්ථා පිළිබඳ විශේෂ වැඩසටහන් පැවැත්වීමට නියමිතය බව ප්‍රකාශ කල ඇය අඩු ආදායම්ලාභී පවුල් සඳහා දීමනා, විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව සහ ආබාධ සහිත සිසුන්ට ප්‍රවේශ විය හැකි නේවාසිකාගාර ඉදිකිරීම සඳහා මාර්ගෝපදේශද ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>