මලයගම් ප්‍රජාවට අහිමිව තිබූ මූලික මානව හිමිකම් සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යතුමා එහිදී සඳහන් කරන ලද්දේ මලයගම් ජනතාවට ස්ථිර ලිපින ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව අවතැන් කඳවුරක ජීවත්වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ ‘නවෝද්‍යාපුරම්’ නිවාස ව්‍යාපෘතියේ සෑම නිවසකටම නිල ලිපිනයක්, ගෘහ මූලික අංකයක් සහ තැපැල් පෙට්ටියක් ලබාදී තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ඉන්දීය ආධාර සහ දේශීය ප්‍රතිපාදන යටතේ ඉදිවෙමින් පවතින නිවාස 6,000කට වැඩි සංඛ්‍යාවක් මෙම වසර අවසන් වීමට පෙර ජනතාවට භාරදීමට අපේක්ෂා කරන බවය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>