පොදු ප්‍රවාහන සේවාවන්හි පහසුකම් සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් සමඟ පොදු ප්‍රවාහනය භාවිත කිරීම පිළිබඳ ජනතාවගේ ආකල්පය නැවත වරක් වෙනස් වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.
ඇය මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (10) දින Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “සිහින ගමනාන්තය” ව්‍යාපෘතිය යටතේ නවීකරණය කළ බම්බලපිටිය දුම්රිය ස්ථානය ජනතාව සඳහා විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන ජනතාවට පහසුකම්, ආරක්ෂාව සහ පිරිසිදුකම සම්බන්ධයෙන් මෙතෙක් ගැටලු පැවති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
එසේම රටක් සංවර්ධිතද යන්න මැනිය හැක්කේ පෞද්ගලික වාහන ප්‍රමාණයෙන් නොව, එරට පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවයෙන් බව සඳහන් කළ ඇය,
මෝටර් රථ, යතුරුපැදි සහ වෑන් රථ වෙනුවට පොදු ප්‍රවාහනය භාවිත කිරීම ජනතාවට වඩාත් පහසු බව දැනෙන තත්ත්වයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවද වැඩිදුරටත් පැවසුවාය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





