කිතුල් කර්මාන්තය නව තාක්ෂණය සහ සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ කර සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අද (11) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

කිතුල් ස්වභාවිකව වැඩෙන ශාකයක් බැවින් මෙතෙක් ක්‍රමානුකූලව වගා කිරීම සිදු නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා, කිතුල් වගා කිරීම සඳහා නව ක්‍රමවේද හඳුනා ගැනීමට පර්යේෂණ සිදුකරන බව පැවසීය.

නකල්ස්, මාතර සහ පස්සර ප්‍රදේශවල අත්හදා බැලීම් සිදුකරමින් පවතින බවත්, කිතුල් පැළයක් පැනි ලබාගත හැකි මට්ටමට පැමිණීමට ගතවන කාලය තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම මගින් අඩු කළ හැකිද යන්න පිළිබඳව පර්යේෂණ කරන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ගෝස්ස ගම්මානය කිතුල් ගම්මානයක් ලෙස සංවර්ධනය කර සංචාරක ව්‍යාපාරයට බද්ධ කිරීමට සැලසුම් කර ඇති බවද,
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සමඟ එක්ව මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>