ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට නව ලේකම්වරුන් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නොවැම්බර් 9 වැනිදා නිවේදනය කර තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන නීතිඥ රොෂාන් ගමගේ මහතා පත්කර ඇත.
එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ටී. ආර්. ඩබ්ලිව්. එස්. ධනපාල මහතා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර තිබේ. ඔහුද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නොවැම්බර් 9 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ පත්වීම් ලිපි භාරදී ඇත.





