ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ නාමයෙන් සෑම දිස්ත්‍රික්කයකටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන්” ලෙස පත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය,සාමාන්‍ය පරිපාලන තීරණයකට වඩා ගැඹුරු දේශපාලන සහ ව්‍යවස්ථාමය ප්‍රශ්න මතු කරන කාරණාවකි.
දිනන දකුණ ලෙස අප විශ්වාස කරන්නේ, ශක්තිමත් රාජ්‍යයක් යනු සෑම ප්‍රශ්නයකටම දේශපාලනඥයෙකු පත් කරන රාජ්‍යයක් නොවන බවයි.
ශක්තිමත් රාජ්‍යයක් යනු
ස්වාධීන ආයතන ක්‍රියාත්මක වන,
වගකීම් පැහැදිලි වන,
බලය නිසි ලෙස බෙදී ඇති දේශපාලනය සහ පරිපාලනය අතර සීමාවන් රැකෙන රාජ්‍යයකි.
මෙහි ඇති මූලික ගැටළුව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විධායකමය භූමිකාවක් ලබාදීමයි.
පාර්ලිමේන්තුවේ කාර්යභාරය වන්නේ:
නීති සම්පාදනය කිරීම,
ආණ්ඩුව අධීක්ෂණය කිරීම,
ජනතාව නියෝජනය කිරීමය.
එහෙත් සම්පත් සම්බන්ධීකරණය,
ව්‍යාපෘති නිරීක්ෂණය,
ප්‍රාදේශීය සැලසුම් ක්‍රියාත්මක කිරීම,
ආයතන අතර සම්බන්ධීකරණය
වැනි කාර්යයන් අයත් වන්නේ විධායකයට සහ වෘත්තීය පරිපාලන ව්‍යුහයටය.
ආණ්ඩුව මේ යෝජනාව හරහා කරන්නේ “සම්බන්ධීකරණය” නාමයෙන් ව්‍යවස්ථාදායකය විධායකය තුළට ඇතුල් කිරීමකි.
මෙය ඉතා භයානක පූර්වාදර්ශයකි.
මක්නිසාද යත්, ප්රජාතන්ත්රවාදයේ මූලික මූලධර්මය වන බල බෙදීම ක්‍රමයෙන් දුර්වල වීමට මෙය හේතු වන බැවිනි.
අද සෞඛ්‍යයට මන්ත්‍රීවරුන් පත් කරයි
හෙට පාසල් සඳහාද?
පොලිසිය සඳහාද?
දිස්ත්‍රික් රාජ්‍ය සේවය සඳහාද?
අවසානයේ සෑම ආයතනයක්ම දේශපාලන නියෝජිතයන්ගේ අදිසි පාලනයක් යටතට යාමේ අවදානමක් පවතී.
දිනන දකුණ ලෙස අප විශ්වාස කරන්නේ, ශ්‍රී ලංකාවේ අසාර්ථකත්වයේ විශාල හේතුවක් වන්නේ ආයතන දුර්වල වී දේශපාලනය සෑම ස්ථානයකටම රිංගා යාම බවයි.
සෞඛ්‍ය සේවාවේ සැබෑ ප්රතිසංස්කරණයක් අවශ්‍ය නම්,
පළාත් සහ මධ්‍යම සෞඛ්‍ය පද්ධති අතර තාක්ෂණික සම්බන්ධීකරණය,
වෘත්තීය කළමනාකරණය,
ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම,
ප්‍රතිඵල පදනම් කළ පරිපාලනය
වැනි දේවල් කළ යුතුය.
නමුත් ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනයට සෑම ගැටළුවකම විසඳුම “තවත් දේශපාලන ස්ථරයක්” එකතු කිරීමය.
අප රටක් ලෙස ඉදිරියට යා යුත්තේ දේශපාලනඥයන් විසින් පාලනය කරන ආයතන රාජ්‍යයකට නොව, ආයතන විසින් ක්‍රියාත්මක වන නීතිමය රාජ්‍යයකටය.
රෝහල්වලට අවශ්‍ය වන්නේ තවත් මන්ත්‍රීවරුන් නොවේ.
අවශ්‍ය වන්නේ දේශපාලනයෙන් නිදහස්, වෘත්තීයමය සහ කාර්යක්ෂම සෞඛ්‍ය පද්ධතියකි.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්
විධායක සභික වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ.
විධායක සභික වෛද්‍ය සෙනෙත් ගජසිංහ.





