ඌවපරණගම සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 73කට රුපියල් ලක්ෂ 12 බැගින් වන්දි චෙකපත් බෙදාදීම අද (12) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු විය.
මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරන ලද්දේ වන්දිය ලබාගත් පවුල් සඳහා රජය විසින් ගත් තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල් ලබා දෙන බවයි.
අමාත්‍ය විද්‍යාරත්න වැඩිදුරටත් පැවසූයේ, පසුගිය ආණ්ඩු සමයේ ජනතාව මුහුණ දුන් අසාධාරණ තත්ත්වයන් නිසා ඔවුන්ගේ ගැටලු දිගු කාලයක් විසඳා නොමැති බවත්, නව රජය ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමට කටයුතු කරන බවත්ය.
ඔහු සදහන් කළේ, කැබිනට් අනුකමිටුවක් පත් කරමින් මෙම ගැටලු සොයා බැලීමත්, සාධාරණ ඉල්ලීම් සඳහා වන්දි ලබාදීමත් සිදු කරන බවයි.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





