2027 අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, උපයන විට ගෙවීමේ බද්ද සම්බන්ධ තවත් සහනයක් ලබාදෙන බවට ජනාධිපතිවරයා කළ ප්රකාශය කෙරෙහි වැටුප් ලබන්නන්ගේ අවධානය යොමුව තිබේ.
නොවැම්බර් 7 වැනිදා ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සහනය ගැන සඳහන් කළේය. එහෙත් නව බදු සීමාව හෝ සහනයේ ප්රමාණය ඔහු ප්රකාශ කළේ නැත.
පාර්ලිමේන්තුවේ කාලසටහන අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වා පැවැත්වේ. එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 පස්වරු 6ට නියමිතය.
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. අයවැයේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 පස්වරු 6ට පැවැත්වීමට නියමිතය.





