2019 වර්ෂයේ අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව එම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක් බව ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම අපරාධයට සම්බන්ධ මහ මොළකරුවන් සහ සැලසුම්කරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බවට ඔවුන් ප්‍රතිඥා දී ඇත.

එම ප්‍රතිඥාව පහතින්..