ලංකාවේ වැටී තිබූ ආර්ථිකය කෙටි කාලයකින් ගොඩනගා ගැනීමට හැකි වූයේ රනිල් වික්‍රමසිංහ මහතා නිසා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

එසේම වසර දෙකකට පෙර සිංහල හා දමිළ අවුරුදු සමරන්න ආර්ථික පසුබිමක් නොමැතිව සිටි ජනතාවට නැවත අවුරුදු සැමරිය හැකි රටක් නිර්මාණය කර දුන්නේද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

අරාජිකව තිබූ රට යහමගට ගන්නා අතරතුර පීඩාවට පත්ව සිටින පවුල් විශාල ප්‍රමාණයකට අස්වැසුම තුළින් රුපියල් 15,000 ක දීමනාවක් ලබාදීම ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ සිදුකරන බව පැවසූ අතර එය සමෘද්ධිය ලබා ගැනීම මෙන් ජනතාවට අපහසුතාවක් නොදී ලබාදෙන බවයි ඔහු පවසා සිටියේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.