ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

උන්වහන්සේ වැඩවසන මීරිගම, මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන වෙත ජනාධිපතිවරයා ඊයේ (01) දහවල් පැමිණි අතර, මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක, සුවදුක් විමසා, කෙටි පිළිසඳරක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක නව වසරට ආශීර්වාද ලබාගෙන ඇත.