ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන්ගේ දිනක වැටුප සහ සුභසාධනය සඳහා වෙන්කරන ලද මුදල්, සේවක ඉල්ලීම පරිදි, “Rebuilding Sri Lanka” අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රුපියල් 12,803,174.35 ක (එක්කෝටි විසිඅට ලක්ෂයක්) මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
ඊට අදාළ චෙක්පත ඊයේ (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත භාරදී ඇත.






