මෙරට සමුපකාර ව්‍යාපාරය සතු ජනතා විශ්වාසය සුරක්ෂිත කරමින් එය වඩාත් විනිවිදභාවයෙන් හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා නව සමුපකාර පනත් කෙටුම්පතක් සකස් කිරීම අරමුණුකර ගත් විශේෂ දෙදින වැඩමුළුවක් සියලු පළාත් සභා නියෝජනයෙන් ඊයේ (14) දින කොළඹදී ආරම්භ කෙරුණි.
මේ සඳහා සහභාගී වූ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරන ලද්දේ සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව නීතිමය රාමුවක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවය.
ඔහු සඳහන් කරන ලද්දේ සමුපකාර ආයතන පෞද්ගලික ව්‍යාපාර ලෙස ක්‍රියාත්මක විය නොහැකි අතර, සමුපකාර නාමය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බවය.
සමුපකාර ග්‍රාමීය බැංකු සහ සණස බැංකු ඇතුළු ආයතන 4,800කට ආසන්න ප්‍රමාණයක් සමුපකාර ජාලයට අයත් වන බැවින්, ඒ සියල්ල නිසි නියාමනයකට යටත් කිරීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඒ අනුව, සමුපකාර ව්‍යාපාරය සඳහා නව සමුපකාර පනතක් සහ බැංකු නියාමන පනතක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව ඔහු පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ මෙම නීති සකස් කිරීමේදී සමුපකාර ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති පිරිස්ගේ අදහස් හා යෝජනා ලබාගෙන ශක්තිමත් නීතිමය රාමුවක් ගොඩනැගීමට කටයුතු කරන බවය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





