කොහුවලදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කර සිටිනවා.
කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව මෙය සිදු කරන බව පොලිසිය සඳහන් කර සිටිනවා.
ඉහත අපරාධය සඳහා පැමිණි සැකකරුවන්ගෙන් එක් සැකකරුවකු හඳුනා ගැනීමෙන් පසුව, එම සැකකරුගේ රූපය පොලිස් චිත්‍ර ශිල්පියකු විසින් සිතුවම් කර ඇති අතර, අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දුරකථන අංක –
- ස්ථානාධිපති – කොහුවල පොලිස් ස්ථානය: 071-8591669
- ස්ථානාධිපති – අපරාධ විමර්ශන අංශය: 071-4146727







