”මේ ආර්ථිකය සවිමත් වෙලා තියෙනවයි කියලා IMF එකේ අධ්‍යක්ෂකතුමී ඇවිල්ලා කියනවා. රට ඉතා සුභදායි හොඳ මාර්ගය වැටිලා ඉන්නවයි කියලා. විපක්ෂයට ඒක ඇහෙන්නේ නැහැ. ඒ ගැන මුකුත් කියන්නේ නැහැ…”

අද (17) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී මෙසේ අදහස් දක්වමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරන ලද්දේ ආණ්ඩුව විසින් සිදු කරන ලද දහසක් වූ යහපත් දෑ නොසලකාහරින විපක්ෂය පිළිබදවයි.

ඒ අනුව ආණ්ඩුව විසින් රටට ජනතාවට සිදුකරන ලද සේවාවන් නොසලකා හැර වැරදි සොයමින් මාධ්‍ය නාලිකා සමග අසත්‍ය පතුරමින් යන විපක්ෂය ‘කොරහේ කිඹුල්ලු දකින උදවිය’ ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී හදුන්වන ලදී.

කෙසේ නමුත් වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කරන ලද්දේ ආණ්ඩුවට එම කිසි අයෙකුගේ තහවුරුවක් අනවශ්‍ය බවයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>