අද (11) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ ජනතාවට පහසු, ලාභදායී, සුරක්ෂිත සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීම රජයේ ප්‍රධාන අරමුණ බවත් එම අරමුණ වෙනුවෙන් විවිධ නව ප්‍රවාහන ආකෘති සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත්ය.
නව ක්‍රමවේද හඳුන්වාදීමේදී ඒ සම්බන්ධයෙන් විවිධ සැක සහ විවේචන මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, නව ව්‍යාපෘතිවලින් සාර්ථක ක්‍රමවේද ඉදිරියට ගෙන යාම රජයේ අපේක්ෂාව බවත් ඔහු පැවසීය.
ඔහු සඳහන් කරන ලද්දේ නව බස් රථ සේවාව හඳුන්වාදීම හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට කිසිදු හානියක් සිදු නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, එමගින් ලංගම සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමට හැකි වනු ඇති බවය.
මෙම නව සේවාව ප්‍රධාන වශයෙන් නගර ආශ්‍රිතව ආරම්භ කර, ආදායම් සහ රජයේ වියදම් සලකා බලමින් පියවරෙන් පියවර අනෙකුත් නගර සහ උපනගර වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
පොදු ප්‍රවාහන සේවය විධිමත් කිරීම සහ පරිවර්තනය කිරීම රජයේ අරමුණ බවත්, ඒ සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව රජය අවධානය යොමු නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





