“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිවයින පුරා ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පාසල් ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ අංගසම්පූර්ණ නව ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා ඊයේ (10) දින මුල්ගල් තැබිණි.
එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සඳහන් කරන ලද්දේ රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ වගකීම රජයට පැවරී ඇති බවය.
ඒ අනුව 2025 සහ 2026 වසරවලදී ග්‍රාමීය පාසල්වල ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම මෙන්ම ජනතාවට භාවිත කළ හැකි පොදු ක්‍රීඩාංගණ පහසුකම් ලබාදීම සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
ග්‍රාමීය ප්‍රදේශවල සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, රටේ සම්පත් සියලු ප්‍රදේශ අතර සාධාරණ ලෙස බෙදී යන ආකාරයෙන් කටයුතු කිරීම රජයේ බලාපොරොත්තුව බවද අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ තමන් අධ්‍යාපනය ලැබූ පාසලටද ක්‍රීඩා පිටියක් ලබාදීමට අවශ්‍ය වුවද ඉඩම් ගැටලුවක් හේතුවෙන් එය මෙතෙක් සිදු කිරීමට නොහැකි වී ඇති බවත්, ඒ සඳහා සුදුසු ඉඩමක් සොයමින් සිටින බවත්ය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





