ගල් අඟුරු සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් අමාත්‍යවරයෙකු ඉවත් වූ බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (11) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ ගල් අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද විවිධ චෝදනා සහ ප්‍රකාශ ඉදිරිපත් වූ වගය.
එම චෝදනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළ පසු, මීට පෙර පැවති දැඩි විවේචන සහ ඝෝෂාව අඩුවී ඇති බවද ඔහු පැවසීය.
ගල් අඟුරු ගනුදෙනුවේ වංචාවක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන් සතු ලිපිගොනු සහ තොරතුරු කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවත්, එවැනි ඉදිරිපත් කිරීම් මේ වන විට දක්නට නොලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු ප්‍රකාශ කරන ලද්දේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නිශ්චිත කොන්දේසි හා නිර්ණායක අනුගමනය කරන අතර, ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව පවතින බවයි.
එමෙන්ම ගල් අඟුරු ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මීට පෙර මතුවූ ගැටලු සැලකිල්ලට ගනිමින් ලෝඩ් පොට් සහ ඩිස්චාජ් පොට් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





